ඉගිලෙන කාර් : මෝටර් රථයෙන් ගුවන් ගමනක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉගිලෙන කාර් : මෝටර් රථයෙන් ගුවන් ගමනක්

ඉගිලෙන කාර් : මෝටර් රථයෙන් ගුවන් ගමනක්

පියාසර කරවිය හැකි මෝටර් රථයක් විනාඩි 35ක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සම්පුර්ණ කර තිබේ.

මෙම ගුවන් ගමන සිදු කර ඇත්තේ ස්ලෝවැකියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් අතරය.

මීට සවිකර ඇති දෙමුහුන් (hybrid) වර්ගයේ BMW එන්ජිම බල ගැන්වෙන්නේ සාමාන්‍ය මෝටර් රථ සඳහා යොදන පෙට්‍රල් ඉන්ධනයෙනි.

මේ ඉගිල්ලෙන කාරය එයාර්කාර් (AirCar) ලෙසින් නම් කර තිබේ.

මෙය අඩි 8,200ක් ඉහළින් කිලෝමීටර 1,000ක් එකදිගට පියාසර කරවිය හැකි බව එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් පැවසීය.

මේ මෝටර් රථය, ගුවන් යානයක් බවට පරිනාමය වීම සඳහා ගත වන්නේ ‘විනාඩි දෙකයි තත්පර 15ක්’ පමණි.

මෙම මෝටර් රථය තටු දෙකකින් සමන්විතය. එම තටු දෙක මෝටර් රථය දෙපසින් පහළට නමා හකුළා තැබිය හැක. එය ස්වයංක්‍රියව සිදු වේ.

දෙදෙනෙකුට පමණක් අසුන් ගත හැකි හැකි මේ මෝටර් රථය පියාසර කරවීමේදී දැරිය හැකි උපරිම බර කිලෝග්‍රෑම් 200කට සීමා කර තිබේ.

එම නිසා නියමුවාගේ සහ මගියාගේ බරෙහි එකතුව කිලෝග්‍රෑම් 200 නොඉක්මවිය යුතුය.

කෙසේ නමුත් මෙය ඩ්‍රෝන වර්ගයේ යානා මෙන් සිරස් අතට ගොඩබෑමක් සිදුකළ නොහැකිය.

මෙම මෝටර් රථය ගොඩබෑම සඳහා ගුවන්යානා ධාවන පථයක් අවශ්‍ය වනු ඇත.

ඉගිලෙන කාර් සඳහා අනාගතයේ දී හොඳ වෙළෙඳපොළක් බිහිවනු ඇති බවට ඉහළ බලාපොරොත්තු පවතී.

 

Pic – BBC