Day: June 19, 2021

සිඩ්නි කොවිඩ් පොකුරට තවත් ආසාධිතයන් 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 08 ට පෙර වාර්තා වූ අතර අනෙක් තැනැත්තා ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇත. මෙලෙස රාත්‍රී හඳුනාගත් තැනැත්තා 30 හැවිරිදි වියෙහි පසුවන අයෙකු වන අතර Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණය වෙත ගොස් ඇතැයි අනාවරණ වී තිබේ. මේ අනුව NSW අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළ ගොස් ඇත. NSW අවධානම් ස්ථාන ලැයිස්තුව : https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates   Pic – 9

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ පරීක්ෂණ 30,000 කින් එක් ආසාධිතයෙක්

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකල පරීක්ෂණ 30,000 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ. මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු මෙලෙස වාර්තා වී ඇත. මේ අනුව දැනට ප්‍රාන්තය තුළ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 51 කි. https://twitter.com/VicGovDH/status/1406030825108484098?s=20

Read More »

රනිල් වික්‍රමසිංහ ලබන බදාදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන බදාදා (23) පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි. ඊයේ දිනයේදී ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. මැතිවරණ කොමිසන් සභාව විසින් අද (18) පස්වරුවේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව රැස්වූ අතර ඉන්පසුව රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු

Read More »

සිඩ්නි අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළට

කොවිඩ් පොකුරේ ආසාධිතයන් ගණන ඉහළ යාමත් සමග සිඩ්නි නගරයේ අවධානම් ස්ථාන ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ. මේ අනුව Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණයට පහත අවස්ථාවලදී ගිය කවුරුන් හෝ වෙතොත් රෝග ලක්ෂණ නොමැති වුවද කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා. Westfield Bondi Junction, 500 Oxford Street, on June 12 between 11am-12 noon; and on June 13 between 1pm-2pm and 4pm-4.30pm. පහත ස්ථානයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලා විය යුතුය. Tea Gardens

Read More »