
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන බදාදා (23) පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි.
ඊයේ දිනයේදී ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.
මැතිවරණ කොමිසන් සභාව විසින් අද (18) පස්වරුවේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව රැස්වූ අතර ඉන්පසුව රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බව සඳහන්.
1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය.

කෙසේවෙතත් එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.