Day: May 24, 2021

කොවිඩ් ආසාධිතයන් බවට “සැක” රෝගීන් දෙදෙනෙකු මෙල්බර්න් උතුරු ප්‍රදේශයෙන්

කොවිඩ් ආසාධිතයන් විය හැකි බවට සැක සහිත රෝගීන් දෙදෙනෙකු මෙල්බර්න් උතුරු ප්‍රදේශයෙන් හමුවී තිබේ. Epping ප්‍රදේශයේ අපජලයේ වෛරස් කොටස් හමුවී දින කිහිපයකින් මෙම සොයාගැනීම සිදුවනවා. වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ දින 86 තුළ කිසිදු සමාජ සම්ප්‍රේෂණ කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ. අද වාර්තා වූ මෙම සැක සහිත රෝගීන් දෙදෙනා දෙවන වරටත් පරීක්ෂා කිරීමට නියමිත බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. https://twitter.com/VicGovDH/status/1396618913270616067?s=20  

Read More »

ශ්‍රී ලංකා නාවික නිලධාරියෙකුට අමෙරිකානු ජනපති අතින් ගෞරව උපාධියක්

අමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපලුතිනන්වරයෙකු වන විශ්ව ෆොන්සේකා සමත්ව තිබේ. ඔහු තම උපාධිය ලබා ගත්තේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතිනි. කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමි 140 වන ආරම්භක අභ්‍යාසය මෙලෙස පැවැත්විණ.. 2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Read More »

මොනවාද මේ කලු දිලීර ? ඔස්ටේ්‍රලියාවටත් එයිද ?

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි අර්බූදයකට පත්ව සිටින ඉන්දියාව තුළ කළු දිලීර වසංගත තත්ත්වයක් ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාන්ත රැසකම මේ වන විට කළු දිලීර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි. අපිරිසිදු මුව ආවරණ පැලදීම සහ නිසි අයුරින් වාතාශ්‍රය නොලැබෙන කාමරවල රෝගීන් රදවා තැබීම කළු දිලීර තත්ත්වය ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරන්නේ. මෙම දිලීරය ආසාදනය වීමෙන් පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමීම සහ වේදනා ඇති වීම

Read More »

රුධිර කැටි ගැසීම් ඇති පුද්ගලයන්ටත් ඇස්ට්‍රාසෙනෙකා සුදුසු බව ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ කියයි

බොහෝ රුධිර කැටි ගැසීම් ආබාධ සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයින් සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන එන්නත ආරක්ෂණ ආයතනය විසින් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නතෙහි ආරක්ෂාව තහවුරු කරමින් නව උපදෙස් නිකුත් කර තිබේ. Australian Technical Advisory Group on Immunisation (ATAGI) සහ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ Thrombosis සහ Haemostasis සමාජය (THANZ) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නතෙන් “වැඩි අවදානමක් ඇති බවට සලකුණු කිසිවක් නොමැති” බවයි. “ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත ලබා ගන්නා තෙක් එන්නත ප්‍රමාද කිරීමට තෝරා ගන්නා පුද්ගලයින් මාස ගණනක් COVID-19 වලින් ආරක්ෂා

Read More »