Search

මොනවාද මේ කලු දිලීර ? ඔස්ටේ්‍රලියාවටත් එයිද ?

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි අර්බූදයකට පත්ව සිටින ඉන්දියාව තුළ කළු දිලීර වසංගත තත්ත්වයක් ද ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාන්ත රැසකම මේ වන විට කළු දිලීර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

අපිරිසිදු මුව ආවරණ පැලදීම සහ නිසි අයුරින් වාතාශ්‍රය නොලැබෙන කාමරවල රෝගීන් රදවා තැබීම කළු දිලීර තත්ත්වය ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරන්නේ.

මෙම දිලීරය ආසාදනය වීමෙන් පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමීම සහ වේදනා ඇති වීම ඇහි පිල්ලම් එල්ලා වැටීම, බොද වුණ ලෙස පෙනීම හෝ අන්ධභාවය ඇති වන බවද වෛද්‍යවරුන් පෙන්වා දි තිබෙනවා.

ඉන්දීය විශේෂඥයින් අනාවරණ කර ඇත්තේ කළු දිලීරය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් සියයට 50 ක් පමණ මියයන බවයි.

මීට පෙර කළු දිලීර ආසාදනය වූ පුද්ගලයින් අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වී තිබුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »