Day: April 7, 2021

ඔස්ටේ‍රලියානුවන් Junk foods ආහාරයට ගැනීම ඉහළ යයි

සෑම ඔස්ටේ‍රලියානුවන් 05 දෙනෙකුගෙන් 04 දෙනෙකුම දෛනිකව ක්ෂණික ආහාර (Junk foods) ආහාරයට ගන්නා බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ. අධි පෝෂණය සහ ස්ථුලතාවය වැනි කරුණු සඳහා මෙය සෘජුව බලපාන බව සඳහන්. 2015-2020 කාලය තුළදී පුද්ගලයන් 230000 ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකර තිබුණා. අධික කාර්ය බහුලත්වය හමුවේ බොහෝ ඔස්ටේ‍රිලියානුවන් Junk foods සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

Read More »

සෞඛ්‍ය ඇමතිගෙන් යුරෝපා කොමිසමට සැර ලිපියක්

තමන් විසින් ඉල්ලා සිටි සමස්ත ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් ප්‍රමාණයම ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් යුරෝපා කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙනවා. එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් පසුගිය පෙබරවාරියේදී ඉල්ලා සිටියද ඉන් ලක්ෂ 2.5 ක් යුරෝපා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඇමතිවරයා සඳහන් කලේ. ඒවා ලබා දෙන ලෙස පසුගිය මාර්තු 15 දා යළිත් ඉල්ලීමක් කලද ඊටද මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි අද පැවති මාධ්‍ය හමුවකදී ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලා. මෙහිදී අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ

Read More »
SCOTT MORRISON

ඇණවුම් කල එන්නත් ලක්ෂ 30 කට කුමක්වීදැයි අගමැතිත් නොදනී

ඊයේ (06) දිනය වනවිට ඔස්ටේ්‍රලියාව තුළදී පුද්ගලයන් 854 983 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් දී තිබූ බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා. එහෙත් මාර්තු 31 වනවිට රජය සැළසුම් කර තිබුණේ ලක්ෂ 40 කට එන්නත් මාත්‍රා ලබාදී අවසන් කිරීමටයි. මෙම ප්‍රමාදයට හේතුවද මොරිසන් අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කලා. ඔහු පැවසුවේ ඇණවුම් කල පරිදි එන්නත් නොලැබීම ඊට හේතුව බවයි. එලෙස නොලැබුණු එන්නත් සංඛ්‍යාව ලක්ෂ 30 ක් බවයි අගමැතිවරයා අනාවරණය කලේ.  

Read More »

ඔස්ටේ්‍රලියා මීලග සංචාරක බුබුලු ආසියානු රටවල් 03 ක් සමග

ආසියානු රටවල් 03 ක් සමග මීලග සංචාරක බුබුලු ඇති කර ගැනීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා. සිංගප්පූරුව – ජපානය සහ දකුණු කොරියාව එම රටවල් 03 යි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් කරුණු හුවමාරු කර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් වාර්තාවල දැක්වෙන්නේ. ලබන 19 වනදා සිට ආරම්භවන ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළේ සාර්ථකත්වය මත මෙම දෙවන අධියර ආරම්භ කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

Read More »