ඇණවුම් කල එන්නත් ලක්ෂ 30 කට කුමක්වීදැයි අගමැතිත් නොදනී

SCOTT MORRISON

ඊයේ (06) දිනය වනවිට ඔස්ටේ්‍රලියාව තුළදී පුද්ගලයන් 854 983 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් දී තිබූ බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

එහෙත් මාර්තු 31 වනවිට රජය සැළසුම් කර තිබුණේ ලක්ෂ 40 කට එන්නත් මාත්‍රා ලබාදී අවසන් කිරීමටයි.

මෙම ප්‍රමාදයට හේතුවද මොරිසන් අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කලා.

ඔහු පැවසුවේ ඇණවුම් කල පරිදි එන්නත් නොලැබීම ඊට හේතුව බවයි.

එලෙස නොලැබුණු එන්නත් සංඛ්‍යාව ලක්ෂ 30 ක් බවයි අගමැතිවරයා අනාවරණය කලේ.

 

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »