තමන් විසින් ඉල්ලා සිටි සමස්ත ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් ප්‍රමාණයම ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් යුරෝපා කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් පසුගිය පෙබරවාරියේදී ඉල්ලා සිටියද ඉන් ලක්ෂ 2.5 ක් යුරෝපා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඇමතිවරයා සඳහන් කලේ.
ඒවා ලබා දෙන ලෙස පසුගිය මාර්තු 15 දා යළිත් ඉල්ලීමක් කලද ඊටද මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි අද පැවති මාධ්‍ය හමුවකදී ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලා.
මෙහිදී අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ එන්නත් ප්‍රමාදය සම්බන්ධයෙන් තමා යුරෝපා කොමිසමට චෝදනා කලේ යැයි පළවු වාර්තා අසත්‍ය බවයි.