Day: April 6, 2021

අද සිට විදෙස් සංචාර සඳහා දින වෙන් කරවා ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව

අද සිට විදෙස් සංචාර සඳහා දින වෙන් කරවා ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව හිමිවනවා. ඒ නවසීලන්තය සමග වන සංචාරක බුබුළ නියමිත දිනයට පෙර ක්‍රියාත්මක කිරීමට බළධාරීන් එකගවීමත් සමගයි. බොහෝදුරට අප්‍රේල් 12 හෝ 19 වනදා සිට මෙම සංචාරක බුබුළ ක්‍රියාවට නැංවෙනු ඇති. මේ අනුව රටවල් දෙකෙහි පුරවැසියන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට සංචාරක බුබුළක් යටතේ රටවල් දෙකෙහි සංචාරයට අවස්ථාව උදාවනවා.

Read More »

Anzac දින සියලු සැමරුම් සඳහා අවසර

ලබන 25 දා පැවැත්වීමට නියමිත Anzac දිනය වෙනුවෙන් සිඩ්නි නුවර සංවිධාන කර ඇති ආචාර පෙළපාලිය සැළසුම් කර ඇති පරිදිම පවත්වන බව සංවිධායකයන් පවසනවා. පුද්ගලයන් 10 000 ක් පමණ ඊට සහභාගීවීමට නියමිතයි. කොවිඩ් තත්වය හමුවේ වුවද මෙවර Anzac දින සැමරුම් සියල්ලට අවසර දීමටයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින උත්සවය පුද්ගලයන් 5000 කගේ සහභාගීත්වයෙන් මෙල්බර්න් නුවරදී සංවිධාන වනු ඇති. යුද්ධයේදී මියගිය ඔස්ටේ්‍රලියා යුධ විරුවන් සිහි කිරීම සඳහායි සෑම වසරකම අප්‍රේල් 25 වනදා

Read More »

මයික්‍රොසොෆ්ට් ‘කෝටානා’ සමු ගනී – Apple ‘සිරි’ ට අලුත් හඬක්

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඇපල් හි ‘සිරි’ සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ සමග තරග කිරීමට මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වර්චුවල් සහායකයා ‘කෝටානා’ ය. මේ අතර, ඇපල් හි ‘සිරි’ තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් නිතැනින් ඇසෙන කාන්තා හඬක් නොවනු ඇත. වර්චුවල් සහායකයින් සඳහා කාන්තා හඬක් භාවිත කිරීම, බොහෝ

Read More »