මයික්‍රොසොෆ්ට් ‘කෝටානා’ සමු ගනී – Apple ‘සිරි’ ට අලුත් හඬක්

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය.
ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
ඇපල් හි ‘සිරි’ සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ සමග තරග කිරීමට මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වර්චුවල් සහායකයා ‘කෝටානා’ ය.
මේ අතර, ඇපල් හි ‘සිරි’ තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් නිතැනින් ඇසෙන කාන්තා හඬක් නොවනු ඇත.

වර්චුවල් සහායකයින් සඳහා කාන්තා හඬක් භාවිත කිරීම, බොහෝ කලක පටන් ස්ත්‍රී පුරුෂ භාවය මත පැනනැඟෙන මතභේදවලට හේතු වී තිබේ.

ඇපල් සමාගම ‘iOS’ නවතම අනුවාදයේ සිය සහායක සිරිට නව හඬ දෙකක් එක් කර ඇති අතර, නිතැනින් ඇසුණු කාන්තා හඬ ඉවත් කර තිබේ.

දැනටමත් සමහර රටවල් සහ භාෂාවල සිරිගෙන් නිතැනින් ඇසෙන්නේ පුරුෂ හඬකි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »