Day: March 22, 2021

අමරපුර මහා නිකායේ මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා. අද අලුයම 03 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට උන්වහන්සේ 88 වන වියෙහි පසුවුණා.

Read More »

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශූරතාවය ඉන්දීය ප්‍රවීණයන්ට

ශ්‍රී ලංකා ප්‍රවීණයන් ළකුණු 14 කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශූරතාවය දිනාගැනීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්වුණා. රයිපූර් හි ඊයේ පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 181 ක්. තරගයේ වීරයා වූ යුසූෆ් පතාන් නොදැවී 62 යි. යුවරා– සිං ළකුණු 60 ක්ද නායක සචින් ටෙන්ඩුල්කාර් 30 ක්ද රැස්කලා. පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී

Read More »

ලංකාවට අලුත් රියදුරු බලපත්‍රයක්

දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවයි. ඒ සඳහා මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් දෙන බවත් ඔහු කියා සිටියා.

Read More »

ටැස්මේනියාවේ Skilled Migration වැඩසටහනට මාර්තු 31 ට පසු වෙන්න යනදේ ගැන දැනුවත්ද ?

ටැස්මේනියා ප්‍රාන්තය සඳහා නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ අයදුම්පත් භාරගැනීම සම්බන්ධ නවතම රෙගුලාසි මාලාව නිකුත් කර තිබෙනවා. ඒ අනුව උප කාණ්ඩ (Subclass) 491 යටතේ මාර්තු 31 වනදායින් පසුව ඉදිරිපත් කරන අයදුම්පත්‍ර සළකා බැලීමක් සිදු නොවනු ඇති. එම උප කාණ්ඩය සඳහා නැවත වරක් අයදුම්පත් භාරගැනීම ලබන ජූලි මාසයේදී ආරම්භ වනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර කියවන්න : https://www.migration.tas.gov.au/news/2020-2021_program_year_update

Read More »