Search

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශූරතාවය ඉන්දීය ප්‍රවීණයන්ට

ශ්‍රී ලංකා ප්‍රවීණයන් ළකුණු 14 කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශූරතාවය දිනාගැනීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්වුණා.

රයිපූර් හි ඊයේ පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 181 ක්.

තරගයේ වීරයා වූ යුසූෆ් පතාන් නොදැවී 62 යි.

යුවරා– සිං ළකුණු 60 ක්ද නායක සචින් ටෙන්ඩුල්කාර් 30 ක්ද රැස්කලා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 167 ක් පමණයි.

සනත් ජයසූරිය 43 යි.

චින්තක ජයසිංහ 40 ක්ද / කෞෂල්‍ය වීරරත්න 38 ක්ද ලබාගත්තා.

යූසුෆ් පතාන් සහ ඉර්ෆාන් පතාන් කඩුලු 02 බැගින් බිඳහෙලුවා.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා නායක ටී එම් ඩිල්ශාන්.