Phone එක නැතුවත් Whatsapp පාවිච්චි කරන්න ඉඩ ලැබෙන හැඩ

ජංගම දුරකථනයක් නොමැතිව වුවද ඇප්ලිකේෂනය භාවිත කිරීමට අවස්ථාව සැලසීම කෙරෙහි වට්ස් ඇප් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

දැනට දුරකථනය හෝ පරිඝනකය හරහා වට්ස් ඇප් භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන් ජංගම දුරකථන සබඳතාවයක් පැවතිය යුතුයි.

එහෙත් දත්ත සබඳතා නොමැතිව හෝ බැටරිය බැස ඇති අවස්ථාවකදී වුවද වට්ස් ඇප් භාවිත කිරීමට අවස්ථාව සලසාදීමේ ඇති හැකියාව මේ දිනවල විමසා බැලෙමින් පවතිනවා.

එහි පළමු පියවර ලෙස බීටා අධියරේදී සුලු පිරිසක් යොදාගනිමින් අත්හදා බැලීම් සිදු කෙරෙන අතර එය සාර්ථක වුවහොත් ඉදිරියේදී සෑම රටකම වට්ස් ඇප් පරිශීලකයන්ට එම අවස්ථාව ලබාදීමටයි වට්ස් ඇප් බළධාරීන් සැළසුම් කරමින් සිටින්නේ.

සිග්නල් ආදී ප්‍රතිවාදී ඇප්ලිකේෂන කිහිපයක් මේ වනවිටත් එම පහසුකම ඔවුන්ගේ පරිශීලකයන් වෙත ලබාදී අවසන්.

 

Pic – The Media Coffee

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »