තවත් ආසාධිතයන් 97 ක් / සිඩ්නි Lockdown සීමා දැඩි වන ළකුණු / අගමැති මොරිසන් ෆයිසර් ප්‍රධානී සමග දුරකථන සංවාදයක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 97 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් 29 දෙනෙකු වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර කොවිඩ් තත්වයේ පාලනයක් දක්නට නොමැති බැවින් සිඩ්නි නගරය තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කරයි.

මේ අතර අගමැති ස්කොට් මොරිසන් ඊයේ රාත්‍රියේ ෆයිසර් එන්නත් ආයතන ප්‍රධානී සමග දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ඉදිරියේදී සතියකට ෆයිසර් මාත්‍රා මිලියනයක් බැගින් ඔස්ටේ්‍රලියාවට ලැබීමට නියමිතය.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »