Search

මගීන් අඩු කර Cargo වැඩි කරන්නැයි ඔස්ටේ්‍රලියා රජය ගුවන් සමාගම්වලට දන්වයි

සතිපතා රටට ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව සීමා කිරීමත් සමග මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවන ලෙස ඔස්ටේ්‍රලියා රජය ගුවන් සමාගම් කිහිපයකට දන්වා ඇත.

ඒ අනුව භාණ්ඩ (Cargo) පමණක් ගෙන එන ලෙසටයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

දැනට සතියකට ගෙන්වා ගන්නා පුද්ගලයන් 6000 සංඛ්‍යාව හෙට (14) සිට 3000 දක්වා අඩු කර තිබෙනවා.

මේ අතර American Airlines, Emirates, Singapore Airlines ආදී ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් පවසා ඇත්තේ ඔස්ටේ්‍රලියා රජයේ මෙම තීරණය හමුවේ දැඩි අසීරුතා මතුව ඇති බවයි.

එහෙත් මගී ප්‍රවාහන ගුවන් යානා වෙනුවට Cargo සේවා ඉහළ දැමීමටද තීරණය ගෙන ඇති බවයි එම සමාගම් නිවේදනය කලේ.

ඔස්ටේ්‍රලියානුවන් 34,000 ක් පමණ තවදුරටත් රටට පැමිණිමට නොහැකිව විවිධ රටවල සිරවී සිටින බවද සඳහන්.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »