NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 89 ක් / එක් මරණයක් – සතිපතා කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 89 ක් / එක් මරණයක් – සතිපතා කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කෙරේ

NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 89 ක් / එක් මරණයක් – සතිපතා කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කෙරේ

ගතවු පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 89 දෙනෙකු වාර්තා වී ඇති අතර එක් මරණයක්ද සටහන්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි අයෙකි.

ඊයේ ආසාධිතයන් 89 දෙනාගෙන් 21 දෙනෙකු වෛරසය වැළඳී තිබියදීත් සමාජය තුළ සැරිසරා ඇති බවටද අනාවරණ වී ඇත.

එමෙන්ම 60 දෙනෙකු පමණ එක ළග නිවාසවල පදිංචිකරුවන් බවද වාර්තා වේ.

මේ අතර  Greater Sydney සහ regional NSW අතර රැකියා සඳහා ගමන් කරන පුද්ගලයන් සතියකට වරක් කොවිඩ් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

සිඩ්නි නගරයේ සිට කිලොමිීටර් 200 ක් පමණ දුරින් පිහිටි Goulburn හි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

මේ අතර සිඩ්නි නගරයට දැනට පණවා ඇති Lockdown තත්වය තවත් මාස 02 කින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ප්‍රධාන පෙලේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන Marylouise McLaws අනතුරු අගවා තිබේ.