සිය පුද්ගලික නිවසට එල්ලවු ප්‍රහාරයකින් හෙයිටි ජනපති මරුට

සිය පුද්ගලික නිවසට එල්ලවු ප්‍රහාරයකින් හෙයිටි රාජ්‍යයේ ජනාධිපති ජොවෙනල් මොයිස් මියගොස් තිබෙනවා.

එරට අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජෝසෆ් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ එරට වේලාවෙන් අද අලුයම 01 ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වැදී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

මෙහිදී ජනාධිපති ආර්යාවටද තුවාල සිදුවී තිබෙනවා.

හෙයිටි රාජ්‍යයේ පරිපාලන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇති බවද උප අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »