මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණයක ???

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඊට අදාල ලිපිය මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් පැවති අර්බුදය නිමා කරමින් එංගලන්ත සංචාරයට සහභාගී වූ සියලු ක්‍රීඩකයින් ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඊයේ දිනයේදී ගිවිසුම් සඳහා අත්සන් තබා තිබුණේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පමණයි.

ඒ අනුව අද උදෑසන 08 දක්වා ගිවිසුම්වලට අත්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාලය ලබා දී තිබුණා.

ක්‍රීඩකයින්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව වෙනුවට දක්ෂතා පදනම් කර ගනිමින් එක් එක් තරාඟාවලි සඳහා වෙන වෙනම කොන්ත්‍රාත් ලබාදෙන බව ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත ක්‍රිකට් තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හරහා ක්‍රීඩකයින්ට දැනූම් දී තිබුණා.

එහෙත් ඇතැම් ක්‍රීඩකයින් ඊට  අකමැත්ත පළ කර තිබූ බවයි වාර්තා වුණේ.

ගිවිසුම් අත්සන් නොකරන ක්‍ර්‍රිීඩකයින්ට එළඹෙන ඉන්දීය තරඟාවලිය සදහා ක්‍ර්‍රීීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩකයින්ට දැනුම් දී තිබුණේ.

ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කල ක්‍රීඩකයන් 30 දෙනෙකු අතුරින් 29 දෙනෙකු කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ඇන්ජලෝ මැතිව්ස් පමණක් ඊට අයත් නොවන බවයි.

පුද්ගලික හේතු මත නැවත දැනුම් දෙන තුරු තමන් ජාතික කණ්ඩායමේ කටයුතුවලට ඇතුළත් කර නොගන්නා ලෙසයි මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »