Search

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම PCR වාර්තා අපේක්ෂාවෙන්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුලු පිරිසක් කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමග ඔවුන් සමග තරග සංචාරයකට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද පී සී ආර් ප්‍රථිඵල වාර්තා අපේක්ෂාවෙන් පසුවන බව ක්‍රිකට් වාර්තා පවසනවා.

ශ්‍රී ලංකාවට එරෙහි සංචාරයට සහභාගී වූ සමස්ත එංගලන්ත සංචිතයම මේ වනවිට හුදකලා කර ඇති අතර පකිස්ථානයට එරෙහි තරගාවලිය සඳහා නව සංචිතයක් නම් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ නැවතත් දිවයිනට ළගාවූ අතර එහිදී සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව ඔවුන් කිසිවෙකුත් ආසාධිතයන් ලෙස හඳුනාගැණුනේ නැහැ.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ ඔවුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඒවායෙහි වාර්තා අද දිනයේදී ලැබීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් සඳහන් කර ඇත්තේ තරගාවලිය අවසානයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර සුහද හමුවීම් පැවති බැවින් මෙය අවධානය යොමුකල යුතු කරුණක් බවයි.

මේ අතර දැනට තරග තහණමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල / කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ට දීර්ඝ කාලීන තහණමක් පැණවෙනු ඇති බවටද ශ්‍රී ලංකා පුහුණුකරුවා ඉගියක් පළකර තිබෙනවා.

Pic – Getty

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »