වික්ටෝරියා Lockdown තත්වය මුලුමනින්ම ඉවත් කිරීමේ යෝජනාව ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට

MELBOURNE

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

දැනට ප්‍රාන්තය තුළ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාධිතයන් ගණනද 32 ක් දක්වා අඩුවී තිබේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ QR Codes සම්බන්ධයෙන් ලබාදී තිබූ සහනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව අද සිට සෑම ව්‍යාපාරික – වෙළඳ ස්ථානයකම QR Codes භාවිතය අනිවාර්ය වන අතර එය කඩ කරන අයගෙන් ඩොලර් 1652 ක දඩයක් අය කෙරේ.

දිගින් දිගටම එම වරදම කලහොත් ඩොලර් 9913 ක දඩයක් නියම වනු ඇත.

මේ අතර වික්ටෝරියා හි Lockdown තත්වය මුලුමනින්ම ඉවත් කිරීමේ යෝජනාව අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »