Alice Springs පැය 72 කට Lockdown

Northern Territory හි Lockdown තත්වයට පත් කල ප්‍රදේශ අතරට Alice Springs ද ඇතුළත් කර තිබෙනවා.

අද පස්වරු 01 සිට ඉදිරි පැය 72 දක්වා මෙය බලාත්මක වන බවයි ප්‍රධාන අමාත්‍ය Michael Gunner නිවේදනය කලේ.

කලාපයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

එහෙත් මේ වනවිට කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හමුවී ඇති Tanami පතලේ කම්කරුවෙකු Alice Springs ගුවන් තොටුපලේ සිටි බවට වාර්තාවීමත් සමගයි වෙත මෙම තත්වය පණවා ඇත්තේ.

මෙම තැනැත්තා පසුගිය සිකුරාදා උදාසන 09 සිට පස්වරු 03 යි 50 දක්වා ගුවන් තොටුපළේ සිට ඇති අතර පසුගිය 26 වනදා ඇඩිලේඩ් හිදී ඔහු කොවිඩ් ආසාධිත බව තහවුරු වී ඇත.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »