වික්ටෝරියා නිරෝධායන සීමා ලිහිල් නොකෙරේ / රට පුරා මිලියන 12 ක් Lockdown / NSW තවත් ආසාධිතයන් 22 ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් නොකිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ.

සතිපතා සිදුකෙරෙන සීමාවන් සංශෝධනය යටතේ හෙට එනම් ජූලි පළමුවනදා සිට තවදුරටත් රෙගුලාසි ලිහිල් කිරීම හෝ දැඩි කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් රටේ අනෙක් ප්‍රාන්තවල මේ වනවිට කොවිඩ් තත්වය සීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගෙන කිසිදු සීමාවක් ලිහිල් නොකිරීමට වික්ටෝරියා බලධාරීන් තීරණය කර ඇත.

එමෙන්ම අලුතින් කිසිදු සීමාවක් නොපැණවීමටද පසුගිය සතියේ සිට ක්‍රියාත්මක සීමා එලෙසම පවත්වාගෙන යාමටද ඔවුන් කටයුතු යොදා තිබේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ මිලියන 12 කට ආසන්න පිරිසක් තත්වයේ සිටින අතර ඉන් වැඩිම පිරිස නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වෙයි.

මේ අතර ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව Bondi කොවිඩ් පොකුර 171 දක්වා ඉහල යයි.

 

Pic – Getty

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »