
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ෆිල් වයිට්කේස් කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
ඒ අනුව ඔහුව දින 10ක හුදකලා කිරීමට ලක්කර ඇති අතර ඔහු සමඟ සමීපයෙන් ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ තරග නිලධාරීන් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මේ විට හඳුනාගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් දෙරට අතර එක්දින තරඟ කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් පැවැත්වීමට අදාළ සියලු විධිවිධාන යොදන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.