ඩාර්වින් පැය 48 කට Lockdown

කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු වාර්තා වීමත් සමග Northern Territory හි ප්‍රධාන නගරය වන ඩාර්වින් පැය 48 ක කාලයක් සඳහා  Lockdown කර තිබේ.

අද පස්වරු 01 සිට Darwin, Palmerston, Lichfield ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට නිවාසවලින් පිටතට පැමිණිය හැකි වනුයේ අත්‍යවශ්‍ය සාධක 05 ක් සඳහා පමණි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට
රැකියා කටයුතු
පැයක කාලයක් සඳහා ශරීර සුවතා
වයෝවෘද්ධ අය සඳහා රැකවරණය

එම කාරණායි.

ශරීර සුවතා සඳහා යාමට හැකි වන්නේද නිවසේ සිට කිලෝමීටර් 05 ක දුරක් තුළ පමණි.

රන් පතලක සේවකයෙකුට වෛරසය ආසාධනය වීමත් සමගයි මෙම ආසාදිතයන්ද හමුවී ඇත්තේ.

එම පතලේ සේවය කරන සංඛ්‍යාව 900 කට ආසන්නයි.

Pic – Yahoo Australia