කැනඩාවේදී රිය අනතුරකින් මිය ගිය ලාංකිකයන් 03 දෙනාගේ අවසන් කටයුතු හෙට

කැනඩාවේ මිල්ටන්හි බි‍්‍රටානියා යන මාර්ග අනතුරු බහුල ප‍්‍රදේශයක 28 හැවිරිදි තරුණයකු පැදවූ රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ රියක් ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකිකයින් තිදෙනා මරුමුවට පත්වූහ.

එම අය වන්නේ අතුල කරුණානන්ද, ඔහුගේ බිරිය වන සොමිකැලූම් හා ඔවුන්ගේ  දියණියයි.

දියණිය සිය උපාධිය ලබාගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

28 හැවිරිදි තරුණයා අධික බීමතින් සිට ඇති බව කැනඩා පොලිසිය සඳහන් කරයි.

අතුල කරුණානන්ද හා බිරිඳ එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියාය.

මෙම සිද්ධියට වගකිවයුතු තරුණයා තුවාල ලබා ඇත.

මියගිය අතුල කරුණානන්ද මහතා හා එම පවුල වසර කීපයකට පෙර නාවල, රාජගිරියේ සිට කැනඩාවට ගිය පවුලකි.

මෙම තිදෙනාගේ අවසන් කටයුතු 27 වැනි ඉරිදා මිල්ටන් නුවරදී පැවැත්වීමට නියමිතයි.

Pic – Facebook

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »