ෆේස්බුක් පරිශීලකයන් කෝටි 70 කින් ඉහළ දැමූ ලාංකිකයා

තමන්ගේ දක්ෂතාවය සහ හැකියාව හරියාකාරව තේරුම් කර ගත් පුද්ගලයකු පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ඔහු නමින් චමත් පලිහපිටිය.

ඔහුට වයස අවුරුදු 26 වන විට අන්තර්ජාතික ඩිජිටල්  මාධ්‍ය හා තාක්ෂණික සමාගමක  ලාබාලම උප සභාපති වරයෙක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා .

විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟම ඔහුට හැකියාව ලැබෙනවා BMO Nesbitt Burns සමාගම හා සම්බන්ධ වීමට.

දිනෙන් දිනම ඉහළට යන තමන්ට හැකියාව ලැබෙනවා වයස අවුරුදු 26 දී AOL හී ලාබාලතම උපසභාපතිවරයා ලෙස උසස් වීමක් ලබා ගන්න.

තමන්ගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස ඔහුට හැකියාව ලැබෙනවා 2007 වර්ෂයේදී මාර්ක් සකබර්ග් ගේ ඉල්ලීමකට අනුව ෆේස්බුක් කණ්ඩායම හා සම්බන්ධ වී සේවය කිරීමට.

මේ කාල වකවානුව තුළදී facebook  විධායක තනතුරක් දරා සේවය කිරීමට ඔහුට හැකියාවක් ලැබෙනවා.

ඉන්පසු ෆේස්බුක් පරිශීලකයන් වර්ධනය කිරීම සඳහා මොහු ස්වෙච්ඡාවෙන්ම කණ්ඩායමක් නිර්මාණය කර ඒ ණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මොහුට හැකි වෙනවා ඔහු තනතුර භාරගන්නා විට මිලියන 50 කටත්  අඩුවෙන් තිබූ facebook පරිශීලකයන්ගේ ප්‍රමාණය  මිලියන 750 දක්වා වර්ධනය කිරීමට.

වර්ෂ 2011 දී ඔහු ෆේස්බුක් විධාක තනතුරෙන් ඉවත් වෙන්නේ social capital partnership නමින් ව්‍යාපාරයක් හා සම්බන්ධ වීමට.

ටික කාලයක් යන විට කෙටි කාලයක් තුළ දී චමත්ට හැකියාව ලැබෙනවා ඩොලර් මිලියන තුන්සියයකට ආසන්න මුදලක් මේ ව්‍යාපාරය මගින් උපයා ගන්න.

ව්‍යාපාර ලොව දිනෙන් දින ඉහළ ට අඩිය තැබූ චමත්ට ඔහුගේ ජීවිතයේ බලාපොරොත්තු වූ  වටිනා ම බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ 2011 වර්ෂයේ දී ඇමරිකාවේ වෘත්තීය පැසිපන්දු කණ්ඩායමක සම අයිතිය අත්පත් කර ගැනීමෙන් පසුවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »