ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය ලංකාවෙන්

පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය.

ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි.

තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්‍ෂ වී ඇති බවත් කිය යුතුය.

“මම දැනට ජීවත් වෙන්නේ ඕමානයේ. ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඉගෙනීමේ වැඩ කරගෙන යන අතරේ මම අමතර ක්‍රියාකාරකම් ගොඩක් කරනවා.

ඒ වගේම මම ඕමානයේ රාජකීය ඔපෙරා හවුස් හි දිනපතා සංගීත පුහුණුවීම් කටයුතුත් කරනවා.

ලංකාවෙන් එහි ඉගෙනගන්න ලැබුණු පළමුවැනි ශිෂ්‍යාව මමයි. ගායනය හා කථික අංශ දෙකෙන්ම මම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත්තා.   

“ලෝකයේ ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස Hundred සංවිධානයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතරේ මම ‘Green Heart Foundation’ නමින් මගේම සංවිධානයක් ආරම්භ කළා.

මෙය ලාබ නොලබන පදනමක්. අනාගත ලෝකය සඳහා සංවර්ධිත, තිරසාර, බුද්ධිමත් හා අවබෝධයක් යුතු සැමට සමාගම සලකනු ලබන එකක් වගේම සාමකාමී පරම්පරාවක් නිර්මාණය කිරීම සඳහා තරුණ තරුණියන් සූදානම් කිරීම, පෙළඹවීම හා මඟ පෙන්වීමත් ලබා දෙනවා.

අපගේ සොබාදහම ආරක්‍ෂාවත්, ඒ සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන පරිසර හිතකාමී නවෝත්පාදන සිදුකිරීම දිරිමත් කිරීමත් මෙයින් සිදු කරනවා. “

Source – Lankadeepa

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »