වික්ටෝරියා සිට පැමිණෙන පුද්ගලයන්ට නැවතත් නවසීලන්තයට ඇතුලුවීමට අවසර

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා අනිද්දා එනම් ලබන බදාදා සිට නැවතත් නවසීලන්තයට ඇතුලුවීමට අවසර ලැබී තිබේ.

සංචාරක බුබුලු ක්‍රමය යටතේ මෙලෙස ඔවුන්ට නවසීලන්තයට ඇතුලුවීමට අවසර හිමිවනු ඇත.

මෙල්බර්න් නගරය ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණෙන පුද්ගලයන්ට නවසීලන්තයට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබිණ.

කෙසේවෙතත් මේ වනවිට මෙල්බර්න් කොවිඩ් පොකුර පාලනයවීමත් සමග නැවතත් සිය රටට වික්ටෝරියා සිට පැමිණෙන පුද්ගලයන්ට පැමිණීමට අවසරදීමටයි නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් තීරණය කර ඇත්තේ.

එහෙත් මේ වනවිට නැවතත් කොවිඩ් පොකුරක් හටගෙන ඇති නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණෙන කිසිවෙකුටත් නවසීලන්තයට පිවිසීමට අවසර හිමිවන්නේ නැහැ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »