වික්ටෝරියාවේ එන්නත් හිගයට විසඳුම් සොයන විශේෂ කැබිනට් හමුව අද – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියාවේ එන්නත් හිගයට විසඳුම් සොයන විශේෂ කැබිනට් හමුව අද

වික්ටෝරියාවේ එන්නත් හිගයට විසඳුම් සොයන විශේෂ කැබිනට් හමුව අද

ඔස්ටේ්‍රලියාව තුළ එන්නත්කරන වැඩපිළිවෙල තුළ හටගෙන ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අද දිනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පමණක් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පසුගියදා පියවර ගත්තේය.

කෙසේවෙතත් අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා තමන් සතුව නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ සඳහන් කර තිබිණ.

ඒ අනුව එන්නත් හිගය පිළිබඳ මතුව ඇති ගැටලු විසඳා ගැනීම මෙම හදිසි කැබිනට් හමුවේ අරමුණයි.

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී කිසිදු අයුරකින් මාත්‍රා මිශ්‍ර කර ලබාදීමට රජයේ සූදානම් නොමැති බව ඔස්ටේ්‍රලියා ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී සඳහන් කර සිටී.