Search

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් ආසාධිතයෙක් / සිඩ්නි නගරයෙන් 02 ක්

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු පමණක් හඳුනාගෙන තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු මෙලෙස වාර්තා වී ඇති බවයි.

ගතවූ දින 05 තුළදීම වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු ඉක්මවා නොතිබීම විශේෂත්වයක්.

මේ අතර ඊයේ දිනයේදී සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තා වී ඇත.

මේ අනුව Bondi ආශ්‍රිත කොවිඩ් පොකුර 11 දක්වා ඉහළ යයි.

ගතවූ පැය 24 දී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු සටහන්ව තිබුණේ නැහැ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »