වික්ටෝරියාවෙන් කිසිදු ආසාධිතයෙකු හමුනොවද්දී ක්වීන්ස්ලන්තයෙන් යළිත් ආසාධිතයෙක්

හෝටල් නිරෝධායනයේ යෙදී සිට එම කාලය අවසන් කර ගිය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක කොවිඩ් ආසාධිත ලෙස හඳුනාගත් බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලාය

අදාළ තැනැත්තිය කෙටි කාල සීමාවකදී සමාජය තුල සැරිසරා ඇති බවයි අගමැතිනිය සඳහන් කලේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කිසිදු කොවිඩ් රෝගියෙකු සමාජ සම්ප්‍රේෂණ ආශ්‍රිතව හඳුනාගෙන නොමැත.

එහෙත් හෝටල් නිරෝධායනයේ යෙදී සිටි දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී ප්‍රාන්තයේ තවත් පුද්ගලයන් 19,502 කට එන්නත් ලබා දී තිබූ අතර මේ වනවිට සමස්ත සංඛ්‍යාව 897,000 දක්වා ඉහළ යයි.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »