NSW සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන පුද්ගලයන්ට නව සීමා – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන පුද්ගලයන්ට නව සීමා

NSW සිට බටහිර ඔස්ටේ්‍රලියාවට එන පුද්ගලයන්ට නව සීමා

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි NSW සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතුය.

සෑම විටම ඔවුන් මුව ආවරණයක් පැළඳ සිටීමද අනිවාර්යයි.

දැනටමත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ සිටින, මේ වනවිටත් NSW හි අවධානම් ස්ථාන ලෙස නම් කර ඇති ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතු වනවා.

NSW ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවිඩ් ආසාධිතයන්ට අධි අවධානම් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී තිබීම හමුවේ මෙවැනි දැඩි පියවරක් ගන්නා බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan සඳහන් කලේ.

අද දිනය තුළදී සිඩ්නි සිට පර්ත් දක්වා ගුවන් යානා 02 ක් පැමිණිමටද නියමිතයි.