තෙල් මිළ වැඩි කලැයි ඇමති ගම්මන්පිළ ඉල්ලා අස්වෙයිද ??

ඛණිජතෙල් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

ඉන්ධන මිල ඉහල දැමීම හරහා උද්ගතව ඇති තත්වය පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරන්නේ ඉන්ධන මිල ඉහල දමා රජය අසීරුතාවට පත්කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම විෂයභාර අමාත්‍යවරයා විසින් භාරගත යුතු බවයි.

අභියෝග රැසකට මුහුණදෙමින් සංවර්ධනය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන අවස්ථාවක තම පක්ෂය සහ එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා මෙවැනි තත්වයක් ඇතිකරනු ලබන්නේදැයි සාධාරණ සැකයක් පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙන්නේ.

ජනතාව කොරෝනා උවදුර මත දැඩි පීනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක තෙල් මිල වැඩි කිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිකිරීම නොකළයුතු තත්වයක් බවත් මෙම තත්වය වෙනස් විය යුතු බවත් පක්ෂයේ මතය බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »