Search

Breaking: මෙල්බර්න් කොවිඩ් පොකුරට මුල ලංකාවේ සිට පැමිණි අයෙක්

breaking

මෙල්බර්න් කොවිඩ් පොකුර ව්‍යාප්ත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයෙකුගෙන් බව අනාවරණය කරගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ පැවසුවේ පසුගිය මැයි 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණ හෝටල් නිරෝධායනයේ සිටි ආසාධිතයෙකු සතුව තිබී මෙම ප්‍රභේදය හමුවී ඇති බවයි.

සිදුකල වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලට අනුව එය හෙළිකරගත් බවද ඔහු සඳහන් කලා.

මැයි 08 වනදාට පෙර වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඩෙල්ටා ප්‍රභේදය කිසිදු අයුරකින් හමු නොවූ බවද ඔහු කියා සිටියා.

වැඩබලන ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ අදාල තැනැත්තා කොවිඩ් ආසාධිතයාට වෛරසය වැළඳී ඇතැයි එදිනම තහවුරු කරගත් අතර වහා රෝහල්ගත කෙරුණු බවයි.

Glen Eira LGA පදිංචි මොහු ප්‍රතිකාර ගැනීමෙන් පසු මුදා හැර ඇත්තේ පසුගිය 23 වනදායි.

මේ අනුව ගුවන් තොටුපළේ සිට හෝටලය දක්වා වන සියලු සී සී ටී වී දර්ශන නිරීක්ෂණය කර වැඩිදුර විමර්ශන සිදුකිරීමටයි වික්ටෝරියා බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »