එංගලන්ත සංචාරයට එක්වීමට ක්‍රීඩකයින් එකඟවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

එංගලන්ත සංචාරයට එක්වීමට ක්‍රීඩකයින් එකඟවෙයි

එංගලන්ත සංචාරයට එක්වීමට ක්‍රීඩකයින් එකඟවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එලඹෙන එංගලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගීවීමට එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබේ.

වාර්ෂික කොන්ත්‍රාත් පිළිබඳ ගැටලුව එම සංචාරයෙන් පසුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟවී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පැවසුවේ කොන්ත්‍රාත්වල විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් පොරොන්දුව මත එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ක්‍රීඩකයින් එකඟතාවය පළකළ බවය.

එම එකඟතාවය දී ඇත්තේ කොළඹ හෝටලයකදී පැවැති සාකච්ඡාවකදීය.