අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ පළමු තෑග්ග දෙවන වරටත් ලාංකිකයෙකුට

ඩුබායි හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයෙකු මෙවර “බිග් ටිකට් ලොතරැයි තරගයෙන්” ඩිරාම් මිලියන 15 ක ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට අද සමත්ව තිබෙනවා.

මෙම ත්‍යාගය දිනා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයා Rasika Jds ලෙස හඳුනා ගෙන ඇති බවයි UAE මාධ්‍ය වාර්තා කර සිටියේ.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන මොහු තවත් 05 දෙනෙකු සමග එක්ව ටිකට් පත මිලදී ගෙන ඇති බවයි ජයග්‍රාහණය ලැබීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ.

අද තරගයේදී මෙම ජයග්‍රාහි ටිකට් පත තෝරා දෙනු ලැබුවේ ඉකුත් මාසයේ පැවති බිග් ටිකට් ලොතරැයි දිනුම් වාරයේදී ඩිරාම් මිලියන 12 ක ත්‍යාග මුදල දිනා ගනු ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිශ්ෆික් වීමද විශේෂත්වයක්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »