ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක් බි්‍රතාන්‍යය සංචාරක රතු ලැයිස්තුවට

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට මහා බි්‍රතාන්‍යය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජූනි 08 වනදා සිට අදාළ රටවල සිට බි්‍රතාන්‍යයට පැමිණෙන පුද්ගලයන් දින 10 ක කාලයක් හෝටල් නිරෝධායනයේ නිරත විය යුතු අතර ඒ සඳහා වැයවන මුදල ස්ටර්ලිං පවුම් 1750 ක්.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය / බහරේන් / කොස්ටාරිකා / ඊජිප්තුව / සූඩානය / ටි්‍රනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයන්ද මීට අයත්.

මහා බි්‍රතාන්‍ය රතු ලැයිස්තුවට අන්තර්ගත රටවල සිට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය කොවිඩ් පරීක්ෂණයකටද යටත් විය යුතුයි.

 

Pic – Reuters

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »