
වික්ටෝරියා හි කොරෝනා අවධානම හේතුවෙන් සාත්තු නිවාස කෙරෙහි නැවත වරක් දැඩි අවධානය යොමුව තිබේ.
සත්කාරක නිවාස (Aged Care) වල සේවයෙහි යෙදෙන කාර්ය මණ්ඩල වලට පසුගිය නොවැම්බර් මාසයේ සිට පනවා තිබු, එක් ස්ථානයක පමණක් වැඩ කිරීමේ නීතිය ඉවත් කිරීමට මධ්‍යම රජය පියවර ගෙන ඇති බවට ඊයේ දිනයේදී තොරතුරු හෙළිවිය.
මුදල් අමාත්‍ය Simon Birmingham කියා සිටියේ සත්කාරක සේවා ස්ථානවල නේවාසික වැඩිහිටියන්ට කොරෝනා එක් මාත්‍රාවක්වත් ලැබී ඇති බැවින් කාර්ය මණ්ඩල විවිද ස්ථාන වල සේවය කිරීම ගැටළුවක් නොවන බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසා සිටිනුයේ සත්කාරක කාර්ය මණ්ඩලයෙන් එක් ස්ථානයකට වඩා සේවයෙහි යෙදෙන සංඛ්‍යාව 5% කටත් වඩා අඩු බවයි.
මේ අතර සියලුම වයස්ගත සත්කාරක සේවා වල සේවයෙහි යෙදෙන කාර්ය මණ්ඩල සඳහා COVID-19 එන්නත අනිවාර්ය කළ යුතුද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් දැන් සලකා බලමින් සිටී.
