වික්ටෝරියා ප්‍රාන්තයේ ඔබ කොවිඩ් එන්නත ගන්නේ කෙසේද ? කොතැනින්ද – සියල්ලට උත්තර මෙන්න

වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන ඔබට කොරෝනා එන්නත සම්බන්ධයෙන් තවමත් පවතින ගැටලු සඳහා විසඳුම් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

1800 571 121 දුරකථන අංකයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ කොරෝනා එන්නත් ඇමතුම් අංකයට ඔබට කතා කර එන්නත ලබාගැනීමට වේලාවක් වෙන් කරවාගත හැකිය.

  • ඔබ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පසුවනවා නම් ඔබ Pfizer කොරෝනා එන්නත ලබාගත හැකිය.

කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයකින් Pfizer කොරෝනා එන්නත ඔබට ලබාගැනීමට හැකි නමුත් සෑම කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයකම Pfizer කොරෝනා එන්නත නොමැත.

  • ඔබ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයෙකු නම් ඔබට AstraZeneca එන්නත ලබාගත හැකිය.

කෙසේවෙතත්, මේ සඳහා ඔබ කලින් වේලාවක් වෙන් කරවාගත යුතුය.

ඒ සඳහා ඔබ කලින් වේලාවක් වෙන් කරවාගත හැකි අතරම කලින් වේලාවක් වෙන් නොකරගෙන වුවද අදාළ මධ්‍යස්ථාන වෙත ගොස් AstraZeneca එන්නත ලබාගැනීමට හැකිය.

වේලාවක් වෙන් නොකරගෙන වුවද AstraZeneca එන්නත ලබාගැනීමට හැකි ස්ථාන :

    • Bendigo Community Clinic
    • Broadmeadows Town Hall
    • Coburg Uniting Church
    • Cranbourne Turf Club
    • Deer Park – IPC Health Deer Park
    • Former Ford factory – Geelong
    • Heidelberg Repatriation Hospital
    • Melbourne Convention and Exhibition Centre (MCEC)
    • Melbourne Showgrounds
    • Mercure Hotel and Convention Centre in Ballarat
    • Northern Hospital Epping
    • Plenty Ranges Arts and Convention Centre
    • Ringwood East Community Clinic (Braeside Avenue)
    • Royal Exhibition Building
    • Sandown Racecourse
    • Shepparton Showgrounds – McIntosh Centre
    • Sunshine Hospital
    • South West Healthcare Vaccination Centre
    • Traralgon Racecourse
    • West Melbourne – CoHealth West Melbourne
    • Wodonga Vaccination Hub
    • Wonthaggi Town Hall

ඔබ දැනටමත් Pfizer හෝ AstraZeneca එන්නත් වලින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇතිනම් දෙවැනි මාත්‍රාවද පළමු එන්නතේ වර්ගයෙන්ම ලබාගත යුතුය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකිය

https://www.coronavirus.vic.gov.au/book-your-vaccine-appointment?fbclid=IwAR2otQTCdgn8pXufteroo5lfA3rE-cFP5Bb-pViGCqRUvL51F-edhlYr_ws 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »