මෙල්බර්න් කොවිඩ් පොකුර 54 දක්වා ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 11 දෙනෙකු වාර්තාවී තිබේ.

ඉන් 09 දෙනෙකු සමාජයෙන් හඳුනාගෙන ඇති අතර දෙදෙනෙකු හෝටල් නිරෝධායනයෙනි.

කෙසේවෙතත් මින් 06 දෙනෙකු ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ අවසානයේදී ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව මෑතකදී ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන පවතින්නේ 54 ක් ලෙසයි.

මේ අතර පවතින තත්වය හමුවේ ලබන 03 වනදායින් අවසන්වීමට නියමිත තත්වය අවසන් නොකර තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »