කොවිඩ් ප්‍රතිකාර සඳහා ඔස්ටේ්‍රලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ලබන 03 දා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සහාය ලබාදෙන බවට ඔස්ටේ්‍රලියාව සහතික වී තිබෙනවා.

මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා මේ බව කියාසිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවකදීයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නෞකා අනතුරු දෙකක් සිදු වූ බවත් එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට ඔස්ටේ්‍රලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවත් රාජපක්ෂ මහතා එහිදී සදහන් කර තිබෙනවා.

ඒ සදහා සුභවාදී පිළිතුරක් ඩේවිඩ් හෝලි ගෙන් ලැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔස්ටේ්‍රලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන 03 වන දා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවද මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »