ඔස්ටේ්‍රලියා වැඩිහිටි ජනගහණයෙන් 1/3 ක් කොවිඩ් එන්නත එපා කියයි

තමන් COVID-19 එන්නත ලබා නොගන්නා බව ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසෙන් තුනෙන් එකක් පමණ පවසනවා.

අදාළ මත විමසුමේදී කොරෝනා එන්නතේ අතුරු ආබාධ පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනතාව තුළ සැක සංකා ඇති බව සොයාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබියදීත්, මෙම කොරෝනා එන්නත ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතු බවට බොහෝ දෙනා සිතන බවද එහිදී හෙළිවී තිබෙනවා.

කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවාසීන්ව උනන්දු කරවීමට ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කළ යුතු කාලය දැන් එළඹ ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ එන්නත් පිළිබඳ විශේෂඥ මහාචාර්ය Julie Leask පවසනවා.

කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳ මෙම නව මත විමසුමේ ප්‍රතිඵල වැදගත් කොට නොසලකන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රකාශ කර තිබෙනවා.

මේ වසර අග භාගය වන විට සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකුටම ප්‍රමාණවත් තරම් Pfizer සහ Moderna වැනි mRNA වර්ගයේ කොරෝනා එන්නත් ලබා දීමට සැපයුම වැඩි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »