Search

ලංකාව ඉන්දියාවට දොර වසද්දි පිලිපීනය ලංකාවට දොර වහයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට රටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබෙනවා.

එහි සභාපති උපුල් ධර්මදාස සදහන් කළේ පවතින කොරෝනා වසංගතය හමුවේ මතුවි ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුලුවීම පිලිපීනය විසින්ද තහණම් කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශය – පකිස්ථානය සහ නේපාලයටද එය අදාළ වන බවයි මැනිලා ටයිම්ස් පුවත්පත වාර්තා කලේ.

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය සිය රටට ඇතුලුවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව පිලිපීන රජය නිවේදනය කලා.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක මෙම නියෝගය ලබන 14 වනදා තෙක් බලපැවැත්වෙනු ඇති.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »