ලැව් ගිණි – ගංවතුර හානි අවම කරගැනීම සඳහා ඔස්ටේ‍රලියාවට නව ඒජන්සියක්

ලැව් ගිණි – ගංවතුර වැනි ස්වභාවික විපත්වලින් සිදුවන හානිය අවම කරගැනීම සඳහා ඔස්ටේ‍රලියාව විසින් නව ආපදා කළමණාකරණ ඒජන්සියක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 600 කි.

ආපදාවලින් පසු බිඳ වැටෙන දුරකථන සහ විදුලි සබඳතා යථා තත්වයට පත්කිරීමට මෙමගින් අමතර ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත.

“පසුගිය වසර දෙක තුළ ඕස්ට්‍රේලියානුවන් ගංවතුර, ලැව් ගිණි , සුළි සුළං, නියඟයට මුහුණ දී ඇති අතර දැන් COVID-19 වසංගතයට ගොදුරු වී ඇති අතර ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂාකාරීව තබා ගැනීමටත්, ඕස්ට්‍රේලියාව පුරා ප්‍රජාවන් සහ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමටත් මම අධිෂ්ඨාන කරගෙන සිටිමි” අගමැති ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අතිරේක ඩොලර් මිලියන 4.5 ක් ආපදා ප්‍රතිසාධනය සඳහා වැඩ කරන පුද්ගලයින් පුහුණු කිරීම සඳහා උපකාර කරනු ඇත.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »