ඕස්ට්‍රේලියාව ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ.

මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ.

2020 මැයි මාසය දක්වා වු තරග සැලකිල්ලට ගනිමින් ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබේ.

මීටපෙර සිව්වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇති බව වාර්තා වේ.

එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 09වන ස්ථානයේය.

මේ අතර පන්දුවාර 20 -20 ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව ඇත.

ඉන්දියාව දෙවන ස්ථානයටත් නවසීලන්තය තුන්වන ස්ථානයටත් පසුවෙයි.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ පසුවෙයි.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »