
විදේශයන්හි සිට පැමිණෙන ඔස්ටේ්‍රලියානු පුරවැසියන් රටට පැමිණීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වනවා.
ඒ අනුව යටතේ දැඩි අවධානම් රටක සිට දින 14 ක් තුළ ඔස්ටේ්‍රලියාවට පැමිණේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්වනු ඇති.
සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට්ට වෛරසය පාලනය සඳහා අමතර බලතල දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

වසර 05 ක සිර දඩුවමක් හෝ ඩොලර් 60 000 ක දඩයක් මෙහිදී පැණවෙනු ඇති.
ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් තහණම් කර ඇතත් විවිධ වෙනත් මාර්ග යොදාගනිමින් ඔස්ටේ්‍රලියා ජාතිකයන් රටට පැමිණීම වළක්වාලීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් අගමැති මොරිසන්ගේ රජයේ මෙම තීරණයට විපක්ෂයෙන් එල්ලවී ඇත්තේ දැඩි විරෝධයක්.