Tax refund බවට ව්‍යාජ E-mail පණිවුඩයක් / ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගැනීමක් බවට අනතුරු ඇගවීමක්

Tax refund එකක් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවට පැමිණෙන ඊ-මේල් පණිවිඩයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඔස්ටේ්‍රලියාවේ පාරිභෝගික විමසුම් ආයතනය (Scamwatch) දැනුම් දෙනවා.

එලෙස ලැබෙන පණිවිඩය වන්නේ

“As a result of examination, we have made adjustments to your income tax return for the tax year 2020/21. Therefore, you are eligible to receive a refund of $181.79,” යන්නයි.

අනතුරුව තහවුරු කිරීම් සඳහා යොමුවන පුද්ගලයන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත තොරතුරු සොරා ගැනීමක් සිදුවන බවටයි අනතුරු ඇගවෙන්නේ.

Scamwatch වාර්තාවලට අනුව පසුගිය මාර්තු මාසයේදී පමණක් මෙවැනි වංචනික ක්‍රියා හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වංචා කර ඇති මුදල $2,091,239 ක්.

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »