Search

ඔස්ට්‍රේලියාවේදී සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී නව නීතියක් ???

ඔස්ට්‍රේලියාවේදී සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී නව නීතියක් ගෙන ඒමට මධ්‍යම රජය සලකා බලමින් සිටියි.

ඒ සඳහා points හෙවත් ලකුණු ක්‍රමයක් භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අදහස් කරමින් සිටියි.

පවුල්, ගෘහස්ථ හා ලිංගික හිංසනය පිළිබඳ පැවැත්වූ පාර්ලිමේන්තු විමර්ශනය මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථන සිම් පතක් ලබාගැනීම හෝ බැංකු ගිණුමක් විවෘත කිරීම වැනි කටයුත්තකදී අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා 100 points හෙවත් ලකුණු 100 ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

එහිදී තම අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කළ හැකි ලේඛන හෝ හැඳුනුම්පත් ඉදිරිපත් කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ට සමාජ මාධ්‍ය ගිණුමක් විවෘත කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී ද මෙම අනන්‍යතාව තහවුරු කිරීමේ ලකුණු 100 ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලමින් සිටියි.

ඊට අමතරව Facebook වැනි සමාජ මාධ්‍ය ජාල, ඔස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කරන්නන් හෝ eSafety කොමසාරිස් විසින් අදාළ අනන්‍යතාව තහවුරු කිරීමේ තොරතුරු ඉල්ලා සිටින විට ඒවා ඔවුන්ට භාර දිය යුතු බව ද එම කමිටුව නිර්දේශ කර ඇත.

(SBS)

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »