එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවෙන් 02 වන මරණයත් වාර්තා වෙයි

COVID-19 එන්නත මාත්‍රාවක් ලබා දින කිහිපයකට පසු 55 හැවිරිදි පුද්ගලයෙකු ටැම්වර්ත් රෝහලේදී හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

රෝහල් කාර්ය මණ්ඩලය විස්තර කර ඇති පරිදි ඔහුගේ පෙණහලුවල “දැවැන්ත” රුධිර කැටියක් ඇතිවිය.

එන්නත සහ ඔහුගේ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති නමුත් තවමත් විමර්ශනය කරමින් පවතී.

මෙම පුද්ගලයාට ලැබුණ එන්නත කුමක්ද යන්න පැහැදිලි නැත.

එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවේදී වාර්තා වූ 02 වන මරණය මෙයයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

Read More »