telehealth සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 දා තෙක් – AusLanka TV – Australian News for the Sri Lankan community

telehealth සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 දා තෙක්

telehealth සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 දා තෙක්

telehealth සේවාව සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 වනදා තෙක් සැපයීමට ඔස්ටේ‍රලියානු රජය තීරණය කර තිබේ.

මේ අනුව සිය වෛද්‍යවරයා සමග අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට මිලියන ගණනක් වන ඔස්ටේ‍රලියානුවන්ට අවස්ථාව සැලසෙනු ඇති.

මානසික වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වේලාවන් වෙන් කරවා ගැනීම් සඳහාද telehealth සේවාවෙන් ඉඩකඩ සැළසෙනවා.

ජනාකීර්ණ සහ නාගරික නොවන ප්‍රදේශවල පුද්ගලයන්ට වෛද්‍ය උපකාර ලබාගැනීම සඳහා පැය ගණනක් ගතකර වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණීම වළක්වාලීමේ අරමුණ ඇතිවයි මෙම සේවය හඳුන්වා දුන්නේ.

ගතවූ වසරක කාලය තුළ අවස්ථා මිලියන 54 කදී telehealth සේවය භාවිතයට ගෙන තිබුණා.

 

COMMENTS